Home දේශීය පුවත් දුම්රිය කීපයක් කොළඹට – සවස් වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට බලාපොරොත්තු වෙයි

දුම්රිය කීපයක් කොළඹට – සවස් වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට බලාපොරොත්තු වෙයි

0
දුම්රිය කීපයක් කොළඹට – සවස් වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට බලාපොරොත්තු වෙයි

මේ වනවිට දුම්රිය කීපයක් කොළඹ කොටුවට පැමිණෙමින් තිබෙන බවත් අද (10) සවස වන විට දුම්රිය ධාවනයේ වර්ධනයක් කරගැනීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පැවසී ය.

මේ වනවිට දුම්රිය ධාවනය වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණය කළ දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක දුම්රිය සමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා මේ බව පැවසී ය.

අද සවස් වන විට දුම්රිය ධාවනය කිරීමේ සේවය ලබාදීමට බලාපොරොත්තු වෙනවා. දැනට හලාවත දුම්රිය මාර්ගයේ දුම්රිය දෙකක් ධාවනය වෙනවා. මේ වනවිට එක් දුම්රියක් කොළඹ කොටුවට පැමිණ තිබෙනවා. මහනුවර සිට දුම්රියක් පැමිණෙනවා. මහව සිට දුම්රියක් කොළඹ කොටුවට පැමිණෙනවා. රඹුක්කන සිට දුම්රියක් පැමිණෙනවා. මාතර, ගාල්ල, අනුරාධපුරය සහ අවිස්සාවෙල්ල සිට දුම්රිය මේ වනවිට පැමිණෙනවා. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය කරගැනීමට බලාපොරොත්තු වෙනවා ”යැයි ද විජය සමරසිංහ මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version