නව මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් සංශෝධනය අද

නව මිල සූත්‍රයට අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් අද (10) සංශෝධනය වීමට නියමිතව තිබේ.

ඒ, සෑම මාසයකම 10 වන දා ඉන්ධන මිල සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණයට අනුව ය.

අවසන් වරට ප්‍රෙටල් සහ ඩීසල් මිල සංශෝධනය වූයේ, පසුගිය මස 10 වන දා ය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දැමිණි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ද පසුගිය ජූලි මාසයේ ඉහළ ගියේ ය.

Exit mobile version