යතුරු පැදියක් අත් ට්‍රැක්ටරයක ගැටි පුද්ගලයකුට බරපතළ තුවාල

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේ දී ඊයේ (13) රාත්‍රි සිදු වූ අනතුරකින් එක් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ති‌බේ.

යතුරු පැදියක් අත් ට්‍රැක්ටරයක ගැටිමේන් මෙම අනතුර සිදු වී ඇත‍‍.

අනතුරින් තුවාල ලබා ඇත්තේ යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයකු ව‌ෙයි.

මොණරාගල දෙසට ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයේ පිටුපස යතුරු පැදී ගැටී අනතුර සිදු වී ඇති අතර අනතුරින් තුවාල ලබා ඇත්තේ ඔක්කම්පිටිය පාර බුත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව වැල්ලවාය පොලිසිය පවසයි.

අනතුරින් පසු තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් මොණරාගල මහ රෝහල වෙත මාරු කර යවා තිබේ.

‍වැල්ලවාය පොලිසිය විමර්ශන සිදු කරයි.

Exit mobile version