හලාවත – පුත්තලම මාර්ගයේ වාහන 4 ක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

හලාවත – පුත්තලම මාර්ගයේ දැදුරුඔය පාලමට ආසන්නයේ දී වාහන 4 ක් එකිනෙක ගැටීමෙන් අද (14) අලුයම අනතුරට පත්වී තිබේ.

බස් රථ දෙකක් සහ මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

වාහන තදබදයක් හේතුවෙන් නවතා තිබූ මෝටර් රථයක මීගමුවේ සිට කල්පිටිය දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ගැටී තිබේ.

එම මෝටර් රථය ඉදිරියෙන් නවතා තිබූ බස් රථයක ගැටී එම බස් රථය ද ඉදිරියෙන් තිබූ තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් එක් මෝටර් රථයකට බරපතල හානි සිදුවී ඇත.

Exit mobile version