දිස්ත්‍රික්ක කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි

දිවයිනේ වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ වැඩිවීමේ හැකියාව අද (15) දිනයේදීත් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසි ද කුරුණෑගල, ගාල්ල, මාතර, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැක.

සෙසු ප්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයින පුරා, විශේෂයෙන් වයඹ, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැක.

Exit mobile version