දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද දිනයේදී තවදුරටත්

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය අද (16) දිනයේදී තවදුරටත් පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක.

වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයිනපුරා, විශේෂයෙන් වයඹ, උතුරු-මැද, උතුරු, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි බවද නිවේදනයේ සඳහන් වෙයි.

Exit mobile version