අධික සුළං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට හමුදා සහාය

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පසුගිය දින ඇති වූ අධික සුළං තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් හමුදා සමාජිකයින් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.
මෙම අධික සුළං තත්ත්වය හේතුවෙන් නිවාස, ව්‍යාපාරික ස්ථාන හා පොදු ස්ථානවලට හානි සිදු ව ඇති අතර එහිදී දේපළවලට හානි සිදු කරමින් ඇඳවැටුණු ගස් කපා ඉවත් කරමින් පීඩාවට පත් ජනතාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට යුද හමුදා භට පිරිස් කටයුතු කොට ඇත.
Exit mobile version