ඉන්දීය කේරල ප්‍රාන්තයේ ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව ඉහළට

අධික වර්ෂාවෙන් හටගත් ආපදා තත්ත්වයෙන් ඉන්දීය කේරල ප්‍රාන්තයේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 67 ක් දක්වා ඉහළ ගොස් තිබ‌ෙ‌න බව විද‌ෙස් වාර්තා සඳහන් කරයි.

ඊයේ දිනයේ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 25 කි.

මෙම තත්ත්වය හමුවේ ප්‍රාන්තයට රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය පියවර ග‌ෙන ඇත.

ඉතිහාසයේ ප්‍රථම වරට ප්‍රාන්තයේ පිහිටි ප්‍රාන්තයේ ජලාශ 39 න් 35 කම වාන් දොරටු මේ වනවිට විවෘත කර ඇති බවට වාර්තා ව‌ෙයි.

ගංවතුර හමුවේ ප්‍රාන්තයේ පාසල් රැසකට අද නිවාඩු ලබා දී ඇති අතර විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල පැවැත්වීමට නියමිතව තිබූ විභාග ද කල්දමා තිබේ.

ගංවතුර හමුවේ පුද්ගලයන් 60,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර ඇත.

Exit mobile version