හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේ විශාල නායයාමකට සක්‍රිය වී ඇති නිසා එම මාර්ගය තාවකාලිකව වසා දැමු බව හැටන් පොලිසිය පවසයි.
අද (17) උදෑසන එම මාර්ගයට පස් කඳු කිහිපයක් කඩා වැටිම නිසා එම මාර්ගය පැය දෙකක් පමණ වසා දමා යළි රථ වාහන ගමනා ගමනයට එක් මංතීරුවක් විවෘත කර තිබුණි.