හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී අතල් බිහාරි වජ්පායි මහතා ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකි – අගමැති

ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් වූ හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී අතල් බිහාරි වජ්පායි මහතාගේ අභාවය මට මහත් සංවේගය දනවන්නකි.

ලෝක භූදේශපාලන පරිවර්තනයන් සිදුවන අවස්ථාවක එතුමන් ඉන්දියවට නායකත්වය දෙමින්, ජාත්‍යන්තර වේදිකාවේ ඉන්දියාවේ නැගී සිටීම තහවුරු කළේය. ඒ සමග ම දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු අසල්වැසියන් සමග මිත්‍රත්වය ශක්තිමත් කළේ ය.

1975 වසරේ සිට ම එතුමන් සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය ලදිමි. 2001 – 2004 වසර වල මා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී අප දෙදනා ඉතා සමීප සබඳතා පැවැත්වීමු. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය උදෙසා එතුමන් ඉටු කළ සේවාව අති විශිෂ්ඨ ය. මේ උදාර මිනිසා සමග මගේ මිත්‍රත්වයේ මතක සදා අමරණීය ය. ඉන්දීය ජනතාව හා පවුලේ සාමාජිකයන් සමග සංවේගී සිතුවිලි බෙදා හදා ගන්නෙමි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

Exit mobile version