දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි – සුළං තත්ත්වය තවදුරටත්

දිවයිනේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැක.

වයඹ පළාතේත් කොළඹ, ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු-මැද, නැගෙනහිර, දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා තද සුළං ඇතිවිය හැක.

Exit mobile version