කලකට පස්සේ බොලිවුඩයේ දකින මධුරි

90 දශයේ හින්දි සිනමාවේ ‘සිහින කුමරිය’ බවට පත්ව සිටි මධුරි ඩික්සිත් මෑත කාලයේ බොලිවුඩ් සිනමාව තුළ දකින්නට ලැබුණේ ඉතා අඩුවෙනි. රියලිටි තරග විනිසුරුවරියක් ලෙස මෑත කාලයේ ඉන්දී්‍ය සැටලයිට් නාලිකාවල නිතර දකින මධුරි ඩික්සිත් අවසන් වරට බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබුණේ මීට සිවුවසරකට පෙරදීය.

ඒ ‘ගුලාබ් ගන්’ චිත්‍රපටයේය. මේ වනවිට මධුරි අලුත් චිත්‍රපටයක රූපගත කිරිම් කටයුතු සඳහා එක්ව සිටින අතර, ඒ දෙසැම්බර් 07 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘ටෝටල් ඩමාල්’ චිත්‍රපටය සඳහාය. අනිල් කපූර්, අජේ දේව්ගන්, අර්ෂාඩ් වාසී, රිතේක් දේශ්මුක්, ජාවේඩ් ජෆ්රි මෙහි මධුරි සමගින් රංගනයෙන් දායක වෙයි.

source: saaravita.lk

Exit mobile version