නෙළුව සතොස ශාඛාව හ‌ොරු කඩයි – භාණ්ඩ රැසක් සොරාගෙන

නෙළුව, බස්නැවතුම්පොළ ඉදිරිපිට ඇති රජයට අයත් සතොස නෙළුව ශාඛාව කිසියම් පිරිසක් විසින් බිඳ එහි තිබු භාණ්ඩ සොරාගෙන ඇත.

ඊයේ (19) රත්‍රී මෙම සොරකම සිදුව ඇති බවයි සඳහන් වන්න‌ේ.

වෙළඳසැලට ඇතුළු වු සොරුන් විසින් සතොස ආයතනයේ සේප්පුව කඩා මුදල් ගැනීම සඳහා උත්සහයක් දරා ඇති අතර ද්‍රව්‍යමය භාණ්ඩ පමණක් රැගෙන ගොස් ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නගරයේ අවට සවිකර ඇති CCTV කැමරා උපයෝගී කරගෙන සැකකරුවන් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version