මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද

ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලී පෙරහැර අද (21) වීථි සංචාරය කෙරේ.

අද (21) සිට ලබන 24 වන දින දක්වා රන්දෝලී පෙරහැර වීථි සංචාරය කෙරෙන අතර අවසන් රන්දෝලී පෙරහැර ලබන 25 වන දින වීථි සංචාරය කිරීමට නියමිතය.

පෙරහැර නැරඹීමට පැමිනෙන සියලුම ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා ඇති නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

පෙරහැර නැරඹිමට පැමිණේන විට ගෙන එන පොලීතින් ප්ලාස්ටික් බොතල් වැනි අපද්‍රව්‍ය තමන් සිටින පරිසර අපවිත්‍ර වන පරිදි නොදමන ලෙස ද දියවඩන නිඅමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මහනුවර නගර සීමාව තුළ පවත්වාගෙන යන සියළු මස් කඩ වසා තැබෙනු ඇත. මහනුවර නගර සීමාවේ මාළු වෙළද සැල් ආගොස්තු 24 සිට 26 දක්වා වසා තැබේ.

පෙරහැර කාල සීමාව තුළ පෙරහැර නැරඹීම සදහා පැමිණෙන බැතිමතුන්ගේ පාරිභෝගික අයිතින් ආරක්ෂා කර දීම සදහා පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් අංශයක් යෙදවීමටද කටයුතු යොදා ඇති අතර, ඒ පිළිබද පැමිණිලි වෙතොත් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික සේවා අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණිලි කළ හැකිය.

පෙරහැර කාල සීමාව තුළ පෙරහැර නැරඹීම සදහා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දුම්රිය ගමනාගමන පහසුකම් සලසා ඇත. ගමනා ගමන මණ්ඩලය බස් රථ 700 ක් පමණ යෙදවීමට කටයුතු යොදා ඇති අතර, පෞද්ගලික බස් රථ 400 ක් පමණ යෙදවීමට ප්‍රවාහන අධිකාරිය කටයුතු යොදා ඇත.

Exit mobile version