ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ වැඩිවීමක්

ඉදිරි දින කිහිපයේදී, විශේෂයෙන් අගෝස්තු මස 23 වන දා සිට උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස්කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇති විය හැකි සිහින් වැසි වාර කිහිපයක් හැරුන විට දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගූණ තත්ත්වයක් පවතී.

දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම, වයඹ, උතුරු-මැද, දකුණු, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් බදුල්ල සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.

Exit mobile version