ලංකා ඛනිජතෙල් සේවය අගයමින් සේවකයින්ට ජනපති අතින් රන් තිළිණ පිළිගන්වයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක ප‍්‍රශංසනීය සේවාවක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ පිළිගැන්වීමේ උත්සවය ඊයේ (23) පස්වරුවේ කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ඒ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ලිමිටඩ් හි 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන්ට රන් තිළිණ ප‍්‍රදානය කිරීම 1987 වසරේ සිට සිදු කරනු ලබන අතර 2018-08-01 දිනට 25 වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් 73 දෙනෙකු වෙත රන් තිළිණ ප‍්‍රදානය කරනු ලැබීය.

එය සංකේතවත් කරමින් 10 දෙනෙකු වෙත රන් තිළිණ පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

Exit mobile version