ඉන්දීය සාගර සමුළුවට සහභාගීවීමට අගමැති අද වියට්නාමයට

වියට්නාමයේ හැනෝයි නුවරදී අගෝස්තු මස 27-28 දෙදින තුළ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (25) වියට්නාමය බලා පිටත් වීමට නියමිතය.

මෙවර සමුළුවේ තේමාව “කලාපීය නව හැඩ තල ගොඩනැංවීම” (Building Regional Architectures) වන අතර, මෙහිදී ඉන්දියානු සාගර කලාපයේ මුලෝපායික සහ ආර්ථික වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගනිමින්, ආරක්ෂාව, වෙළඳ සහ වාණිජ කටයුතු සහ පරිපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීමේදී නව කලාපීය හැඩතල ගොඩනැංවීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු වනු ඇත.

අගෝස්තු 27 වන දා සමුළුවේ සමාරම්භක සැසියේදී වික්‍රමසිංහ මහතා අදහස් දැක්වීමට නියමිත ය.

Exit mobile version