කල්පිටිය – පුත්තලම මාර්ගයේ දී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මරුට

කල්පිටිය – පුත්තලම මාර්ගයේ පාලකුඩාව මංසන්ධියේදී යතුරුපැදියක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් ඇත.

කල්පිටිය පොලීසිය සඳහන් කළේ, අද (27) දහවල් මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ කල්පිටිය, තලවිල පාර, පාලකුඩාව පදිංචි කාන්තාවකි.

අනතුරින් කාන්තාව එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනතුරට සම්බන්ධ යතුරුපැදියකරු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version