ජේබ් සුළි කුණාටුව ජපානයට ඇතුලූ වේ

වසර 25 කට පසුව ජපානයට ජේබ් නැමති සුළි කුණාටුව ඇතුලූ වී තිබෙනවා.එම සුළි කුණාටුව පැයට කිලෝමීටර් 160ත් 215 ත් අතර වේගයකින් හමන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
මෙම සුළිකුණාටුවත් සම`ග එරට ගුවන් ගමන් වාර 600 ක් සහ එරට ඔසාකා සිට හිරෝෂිමා දක්වා ගමන් කරනු ලබන අධිවේගී දුම්රියන් ද අවලංගු කර ඇති බවත් සදහන්.
මේ වන විට එරට තුළ හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලෙස බළධාරින් වෙත දැනුවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
එමෙන්ම ජපානයේ බටහිර ප‍්‍රදේශයේ කොබෝ නගරය තුළ ද ජනතාවට විශේෂයෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමු වන ලෙසත් දැනුවත් කර තිබෙනවා.
ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ විසින් මෙම හදිසි තත්වය සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස එරට බළධාරින් වෙත දැනුම් දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ.

Exit mobile version