ජාත්‍යන්තර සුනාමි පෙර පුහුණු වැඩසටහනක් අද

රටවල් 28ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සුනාමි පෙර පුහුණු වැඩසටහන සඳහා ශ්‍රි ලංකාවද සම්බන්ධ වෙමින් අද දින(05) පෙ.ව 8.30 ට සුනාමි පෙරහුරුවක් පැවැත්වේ.

වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යංශය ප්‍රකාශ කර සිටින්නේ සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77 මේ යටතේ ක්‍රියාත්මක බැවින් ඒ පිළිබදව ජනතාව කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවයි.

ඒ අනුව ශ්‍රි ලංකාවේ මුලතිව්, අම්පාර, සහ ගාල්ල යන දිස්ත්‍රික්ක මේ සඳහා තෝරාගෙන ඇති අතර, ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේහීය ලේකම් කොට්ඨාශය තුළ ස්ථාපිත සුනාමි කළුණු 03ක් ආශ්‍රිතව මෙම පෙරහුරුව පැවත්විමට සියළු කටයුතු සුදානම් කර ඇත.

මෙම පෙර පුහුණු වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය, ආපාදා කලමණාකරණ අමාත්‍යංශය , ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රාජ්‍ය නොවන ආයතන රැසක්ද සහභිගි විමට නියමිතය. පෙරහුරුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ අධික්ෂණය යටතේ පැවැත්වේ.

Exit mobile version