රුපියල වාර්තා ගත ලෙස කඩාවැටෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල වාර්තා ගත ලෙස අවප්‍රමාණයට ලක්වීම අද (05දා) සිදුවිය. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයෙදී රුපියල් 163.36 ලෙස වාර්තා විය.

මේ අතර ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිලද අද 160.16ක් ලෙස සටහන් විය. මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතවල මෙම අගයන් දැක්වෙයි. එය ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුවන ඉහළම අගය වෙයි. පසුගිය කාලසීමාවේ සිටම රුපියල වාර්තාගත ලෙස පහළ යමින් තිබුණි.

Exit mobile version