තණමල්විල අධ්‍යාපන කළාපයට අයත් තණමල්විල බෝදාගම මහා විද්‍යාලයේ ගසක ඇති බඹර කූඩූ නිසා ඊයේ දින පාසලේ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ අතර අද දිනයේත් බඹර බිය නිසා සිසුන් පාසල වෙත පැමිණිමේ අඩුවක් ඇති බව ගුරුවරුන් පවසයි.
ඊයේ දින මෙම බඹර කූඩු නිසා පාසල වෙත පැමිණි සිසුන් නැවතත් නිවෙස් කරා යවා දුම් ගසා බඹරු එලවීමට කටයුතු කර තිබිණි.
මේ සම්බන්ධයෙන් විද්‍යාලයේන් සිදු කල විමසීමකදී ඔවුන් කියා සිටියේ අද දින මෙම බඹර කූඩු සියල්ලම ඉවත් කිරීමට පියවර ගන්නා අතර හෙට දින සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සුදානම් කරන බවයි.