කෑගල්ල දිස්ත්‍රික්කය තුළ උදාකළ ගම්මානයක් සහ ආදර්ශ ගම්මානයක් ඉදි කිරිමට මුල්ගල තැ‌බේ

නිවාස හා ඉදිකිරිම් අමාත්‍යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ උදාකළ ගම්මානයක් සහ ආදර්ශ ගම්මානයක් ඉදිකිරීමට මුල්ගල තැබීම සිදුකෙරිණි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මංගෙදර නොර්ත්ලන්ඩ් ජනාවාසය උදා ගම්මානයක් ලෙස සංවර්ධනය කිරීම සිදුකෙරෙන අතර ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ නූරියවත්ත වෝටර්ස් බේ සමාගමේ ව්‍යාපෘති දෙකක වැඩ ආරම්භ කෙරිණි.

ඒක් ව්‍යාපෘතියක නව නිවාස 25 බැගින් නිවාස 50 ක් ඉදි කිරිමට කටයුතු කෙරේ.

Exit mobile version