යතුරුපැදියක් ලොරිරථයක ගැටිමෙන් යතුරුපැදිකරුට බරපතල තුවාල

හැටන් සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් හැටන් දෙසට ධාවනය වු ලොරිරථයක ගැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසයි.

අද (08) උදැසන 8.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම
ප්‍රදේශයේදි ය.

ලොරි රථයේ රියදුරා සැකපිට හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version