අද සිට පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද දින සිට සැප්තැම්බර් මස 11දා දක්වා දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීම සදහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර අද දිනයේදී දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධානවශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

Exit mobile version