ඉන්දුනීසියාවේ බස් රථ අනතුරක් – 21ක් මරුට

ඉන්දුනීසියානු ජාවා දිවයිනේ සංචාරක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බටහිර ජාවා – සකභූමි සංචාරක නිකේතන ප්‍රදේශයේ දී ඊයේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ දේශීය සංචාරකයන් රැගත් බස් රථයකි.

පුද්ගලයන් 37 දෙනෙකු රැගත් බස් රථය කඳුකර ප්‍රදේශයක වේගයෙන් පල්ලමක් බසිමින් සිටියදී රියදුරට පාලනය කර ගත නොහැකිව ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇති බව සඳහන් වෙයි.

Exit mobile version