දකුණු සුඩානයේ ගුවන් අනතුරක් – 19ක් ජිවිතක්ෂයට

දකුණු සුඩානයේ සිදු වූ ගුවන් අනතුරකින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අනතුරට පත්ව ඇත්තේ, එරට අභ්‍යන්තර ගුවන්යානයකි.
ගුවන් අනතුරට හ‌ේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. අනතුර සිදුවන අවස්ථාවේ යානය, එරට ජුබා අගනුවර සිට ඉරෝල් නුවර දක්වා පියාසර කරමින් තිබුණි.
යානයේ මගීන් 23ක් සිටි බවත්, එය කඩා වැටී ඇත්තේ ගුවන් තොටුපොළ ආසන්නයේ තිබූ විලකට බවයි වාර්තා වන්න‌ේ.
Exit mobile version