පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ ගැටළුවලට විසඳුම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල නිලධාරීන් රාජකාරි කිරීමේදී මුහුණපාන ගැටළු සහ අවශ්‍යතා සම්බන්ධයෙන් කඩිනමින් විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ කාර්යාලයේ දී පැවැත්විණි.

පැවැති සාකච්ඡාවේ දී පවතින ගැටළුවලට කඩිනමින් විසදුම් ලබ ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ. මල්කාන්ති මහත්මියට උපදෙස් ලබාදුණි.

Exit mobile version