රොක් ගායන ටොම් පෙටී මිය යයි

අමෙරිකානු ජනතාවගේ හදවත් දිනාගත් රොක් ගායන ශිල්පියෙකු හා සංගීතඥයෙකු වූ ටොම් පෙටී මියගොස් තිබේ.මියයන විට ඔහුගේ වයස අවුරුදු 66කි. කැලිෆෝනියාවේ මැලිබූ නගරයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදී ඔහුට හෘදයා බාධයක් හටගෙන ඇත. ඔහුව රෝහල වෙත ගෙන ගියත් බේරාගත නොහැකි විය.

1950 වසරේ ඔක්තෝම්බර් මාසයේ 20 වැනි දා ෆෝලෝරීඩාහි ගෙයින්ස්විල්හිදී ටොම් පෙටී උපත ලැබීය. අසූව දශකයේ ලොවපුරා ජනප්‍රිය වූ ගීත අතරින් ඇමෙරිකන් ගර්ල්, බ්‍රේක් ඩවුන්, ෆ්‍රී ෆැලන්, ලර්නින් ටූ ෆ්ලයි ඇන්ඩ් රෙෆියුජි යන ගීත ඔහුගේ ගීත අතරින් රසික හදවත් තුළ ලැඟුම් ගත් ජනප්‍රිය ගීත විය.

1991 වසරේ දී එළි දැක්වූ ෆුල් මූන් ෆීවර් සහ වයිල්ඩ් ෆ්ලවර් යන ගීත ඇල්බම ලොව පුරා ජනප්‍රියත්වයට පත් වුණි.

Exit mobile version