පළමු වරට කොලරාව වැළැක්වීම සඳහා ලොව රටවල් එක්වෙති

වසර 2030 වන විට කොලරා රෝගය හේතුවෙන් සිදු වන මරණ 90% වැළැක්වීම සඳහා කැපවීමේ අරමුණින් ලොව පුරා සෞඛ්‍ය බලධාරීහු ප්‍රංශයේ දී හමු වෙති. අපිරිසිදු ජලය මගින් පැතිර යන කොලරා රෝගයට ගොදුරු වීමෙන් ලොව පුරා වසරකට මරණයට පත් වන සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය.

ලොව පුරා ආණ්ඩු, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආධාර සංවිධාන සම්මුතියකට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.

සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව පිරිහීම, ජල සැපයුමට හානි සිදු වීම යන කරුණු හේතුවෙන් යුද්ධයට මැදිව සිටින යේමනය තුළ කොලරාව විශාල වශයෙන් පැතිර යමින් පවතී.

 

Exit mobile version