ශ්‍රී ලංකාව සමග තාක්‍ෂණය හා අත්දැකීම් බෙදා ගැනීමට දකුණු කොරියාවෙන් යෝධ පියවරක්

දකුණු කොරියාව කර්මාන්ත හා ව්‍යාපාර අංශයේ තොරතුරු තාක්‍ෂණය සම්බන්ධ යෝධ පියවර ඉදිරියට තබා ඇති බැවින්, ඒ තාක්‍ෂණය හා අත්දැකීම් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙන් සිටින බව දකුණු කොරියානු විදේශ ඇමතිනී කං ක්‍යුං වා (Hon. Madam Kang Kyung Wha) මහත්මිය අග්‍රාමාත්‍යවරයාට පවසා තිබේ.

ඊයේ (12දා) හැනොයි නුවර මැරියට් හෝටලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් කං ක්‍යුං වා මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා – දකුණු කොරියා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ සාකච්ඡා වාරයන්හිදීත් මේ පිළිබඳව ප්‍රමුඛස්ථානයක් ලබාදීම ඉතා වැදගත් බවය.

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු කර්මාන්ත කලාපයක් පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර තිබේ.

Exit mobile version