ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළට

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් අද (14) ඉතිහාසයේ පළමු වතාවට රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 164 සීමාව ඉක්මවා ගිය බව වාර්තාවෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 164.37ක් වූ අතර ගැනුම් අගය 160.94ක් ලෙස සටහන්ව තිබේ.

බලපත්‍ර ලාභී වාණිජ බැංකු අද (14) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 165 ඉක්මවා තිබේ.

Exit mobile version