එක් මං තිරුවකට පමණක් සිමා කර තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය යළි යථා තත්ත්වයට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය මාසයේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු විශාල පස් කන්ද ඊයේ (14) පස්වරුවේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සම්පුර්ණයෙන්ම ඉවත් කර එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (15) අලුයම සිට යලි යථා තත්ත්වයට පත් කර ඇත.

ඉකුත් මස 17 දින එම මාර්ගයට අවස්ථා කිහිපයකදිම විශාල පස් කන්දක් කඩා වැටි නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පස් කන්ද කඩා වැටුණු ස්ථානය අසලින්ම තාවකාලික විකල්ප මාර්ගයක් සකස් කර එම විකල්ප මාර්ගය ඔස්සේ එක් මං තිරුවක රථ වාහන ගමනා ගමනයද සිදු කරනු ලැබුවාය.

එසේ ඉදිකල විකල්ප මාර්ගය වසා දමා ප්‍රධාන මාර්ගය යළි රථ වාහන ධාවනයට විවෘත කර තිබේ .

එම පස් කන්ද කඩා වැටුණු ස්ථානයට ඉහලින් තේ වත්තේ ගිලා බැසිම් කිහිපයක් තිබෙන බවත්, එම ගිලා බැසිම හේතුවෙන් තේ වත්කේ විශාල ඉරි තැලිම් ගණනාවක් තිබෙන බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

Exit mobile version