2018 වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනපති ප්‍රදානත්වයෙන්

අදට යෙදී ඇති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සංවිධානය කෙරුණු වෙරළ පවිත්‍රතා දින ජාතික සැමරුම් උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) පෙරවරුවේ ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී පැවැත්විණි.
එමෙන්ම ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි ප්‍රකාශයට පත්කරන ලද ජාතික වෙරළ පිරිසිදු කිරීමේ සහ සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ක්‍රියාවට නැංවීම ද මේ හා සමගාමීව සිදු විය.
පිවිතුරු වෙරළක් උදෙසා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අභිනවයෙන් ක්‍රියාත්මක කරන වෙරළ රැකබලා ගන්නන් පත්කිරීමත්, අතිනවීන පහසුකම්වලින් යුතු විද්‍යාගාරයක් සහිත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ දකුණු පළාත් කාර්යාල සංකීර්ණය විවෘත කිරීමත්, නවීකරණය කරන ලද දඩල්ල වෙරළ තීරය ජනතා අයිතියට පැවරීමත් අද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
Exit mobile version