ගිරාදුරුකෝට්ට පොලීසියට මැර ප්‍රහාරයක් – ද‌ෙද‌ෙන‌ෙකු රෝහලේ

ගිරාදුරුකෝට්ට තෙල්දෙනියාය ගම්මානයේ ගංජා වැටලීමකට ගිය ගිරාදුරුකෝට්ට පොලිස් නිලධාරින් පිරිසකට මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.

ඊයේ (16) සවස 4.30 පමණ පොලිස් නිළාදාරින් 6 දෙනෙක් මෙම වැටලීමට නිරායුධව ගොස් ඇති අතර 10 දෙනෙකුගෙන් පමණ වු මැර පිරිස පොලිස් නිලධාරින්ට පහරදි ඇති බවත් මෙහිදි ඇතිවු ගැටුමේදී පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනෙක් තුවාල ලැබූ බවත් පොලිසිය පැවසීය.

තුවාල ලැබු පොලිස් නිලධාරින්‍ දෙදෙනා මහියංගනය මුලික රෝහලට ඇතුලත් කර ඇත.

මෙම ගැටුමේදි එන් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

ගිරාදුරුකෝට්ට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version