Home විදෙස් පුවත් 2107 වසරේ නොබෙල් සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරෝට

2107 වසරේ නොබෙල් සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරෝට

0
2107 වසරේ නොබෙල් සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරෝට

2107 වසර වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් සාහිත්‍යය සම්මානය බ්‍රිතාන්‍ය ලේඛක කෂුඕ ඉෂිගුරෝ (Kazuo Ishiguro) වෙනුවෙන් පුදනු ලැබ ඇත.

ජපන් සම්භවයක් සහිත සාහිත්‍යධරයාට නොබෙල් ත්‍යාගය පිරිනමන ලද්දේ ‘ග්‍රන්ථ අටක් රචනා කරමින් ඔහු විසින් ඉටු කරන ලද මහා සාහිත්‍ය සම්ප්‍රදානය’ අගය කරමිනි.

සාහිත්‍යය වෙනුවෙන් ඉටුකරන ලද විශිෂ්ඨ මෙහෙය සැලකිල්ලට ගත් බ්‍රිතාන්‍ය රජය 1995 වසරේ දී කෂුඕ ඉෂිගුරෝ වෙත OBE ගෞරව සම්මානය පුද කළේය. දැනට හැට දෙහැවිරිදි වියේ පසුවෙන මෙම සාහිත්‍යධරයා 1989 වසරේ දී සිය ‘The Remains of the Day’ නවකතාව වෙනුවෙන් ‘බුකර්’ සම්මානය දිනා ගත්තේය.

ඔහු විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ග්‍රන්ථ මේ වනවිට හතළිහකට අධික වෙනත් භාෂාවන්ට පරිවර්තනය කරනු ලැබ ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version