අඟුණකොළපැලැස්ස මහානාග මහා විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක්

අඟුණකොළපැලැස්ස මහානාග මහා විද්‍යාලයට රුපියල් එක්කෝටි පනස් එක් ලක්ෂයක වියදමින් ඉිදි කරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරිණි.

අධ්‍යාපන අමාත්‍යංශයේ “ලඟම පාසල හොඳම පාසල” ව්‍යාපෘතිය යටතේ ඉඳිකරන ලද මෙම පාසල් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ඉල්ලිම පරිදි මූල්‍ය ප්‍රතිපාදන ලබා දී තිබු අතර එම ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරිමද අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

පාසල් දරුවන් 1700ක් අධ්‍යාපනය හදාරන මෙම පාසලේ මෙතෙක් පැවති ඉඩකඩ සම්බන්ධ අඩුපාඩු සපුරාලමින් ඉදිකල මෙම ගොඩනැගිල්ලට සියලුම පාසල් උපකරණ ලබා දිමටද පියවර ගැණිනි.

Exit mobile version