පොහොර නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක්

මහ කන්නය සඳහා පොහොර නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ.

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ, පැමිණිලි දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදීමට ද පියවර ගෙන ඇති බවයි.

අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කළේ ය.

Exit mobile version