අතීත ශ්‍රී ලාංකීය රජදරුවන්ට පුණ්‍යනුමෝදනා කිරීමෙහි ජාතික වැඩසටහන 23 දා රැවන්වැලි මහ සෑ මළුවේ දී

අතීතයේ ශ්‍රී ලාංකීය රජදරුවන් විසින් ජාතික හා ආගමික වශයෙන් දේශය උදෙසා සිදු කළ මෙහෙවර වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමෙහි ජාතික වැඩසටහනක් සැප්තැම්බර් 23 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර රැවන්වැලි මහ සෑ මළුවේ දී පැවැත්වීමට නියමිතය.

මෙහිදී අදහස් දැක් වූ අගමැති උපදේශක සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ආගමික හා කලා කටයුතු පිළිබඳ උපදේශක පූජ්‍ය අඹන්වල ඥාණාලෝක හිමියන් ප්‍රකාශ කළේ, රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අප්‍රමාණ කැපවීමක් කළ සියලුම අතීත රජ දරුවන් වෙනුවෙන් මෙම පුණ්‍යානුමෝදනාව සිදුකරන බවයි. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමති විජයදාස රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙය සිදු කෙරෙන අතර ඊට මධ්‍යම සංස්කෘතික අරමුදල දායකත්වය සපයන බවයි.

Exit mobile version