Home දේශීය පුවත් පාන් මිල පහත දැමීමට ඇමැති සමඟ සාකච්ඡවක්

පාන් මිල පහත දැමීමට ඇමැති සමඟ සාකච්ඡවක්

0
පාන් මිල පහත දැමීමට ඇමැති සමඟ සාකච්ඡවක්

පසුගිය දා රු. 5.00 කින් ඉහළ දමන ලද පාන් ගෙඩියක මිල, විෂයභාර අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි දින කිහිපය තුළදී පෙර පැවති මිල දක්වා රු. 5.00 කින් පහත හෙළීමට තම සංගමය ට හැකි වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මේ බව පැවසුවේ බේකරි හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, පාරිභෝගික අධිකාරියේ හා අමාත්‍යාංශ නිලධාරීන් සමග අමාත්‍යාංශයේදී සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version