ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වෙරළ පවිත්‍රතා වැඩසටහන් රැසක්

සමුද්‍රීය පරිසර ආරක්ෂණයේ වැදගත්කම සළකමින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි සෑම වසරකම සැප්තැම්බර් මස 15 වැනි දින සිට 21 වැනි දින දක්වා ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ක්‍රියාවට නැංවේ.

ඒ අනුව මේ වසරේ දිවයින පුරා සමුද්‍රීය සම්පත් සුරැකීමේ වැඩසටහන් 80 කට අධික ප්‍රමාණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. එහි ජාතික වැඩසටහන පසුගියදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී පැවැත්විණි.

එම ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ වෙරළ පවිත්‍රතා වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. එහි සමාරම්භක වැඩසටහන පසුගිය (18) පෙරවරුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සංවිධානයෙන් මාතර වෙරළ උද්‍යානයේදී පැවැත්විණි.

Exit mobile version