ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවය

රුපියල් මිලියන 800ක වියදමින් ස්ථාපිත කරන ලද ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති 500හි පිරිසිදු පානීය ජලය අති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවයට සහ 500 වැනි ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතිය ජනතා අයිතියට පවරාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් අද (21) පෙරවරුවේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී පැවැත්විණි.
මේ යටතේ ස්ථාපිත කරන ලද 500 වැනි ප්‍රතිආශ්‍රැතකරණ ජල පද්ධතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලාව, කුරුදන්කුලම මිහිදු ආරණ්‍ය සේනාසනයේ ස්ථාපිත කර ඇති අතර එම ජල පද්ධතිය අද දින දුරස්ථ සංනිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරා දෙනු ලැබීය.
මෙම එක් එක් ප්‍රති ආශ්‍රැතකරණ ජල පද්ධතිවලින් ලීටරය බැගින් ලබාගත් ලීටර් 500 ක ජලය සියක් නමක් වූ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුන් වෙත පූජා කිරීම මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු විය.
Exit mobile version