සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සත්හිරුගම ජනතා අයිතියට

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක උදාගම් වැඩපිළිවෙල යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උනපාන ග්‍රාම නිළධාරී වසම තුළ ඉදිකෙරුණු ‘සත්හිරුගම’ ජනතා අයිතියට පත්කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

උදාගම් වැඩපිළිවෙලේ 123 වැනි උදාගම වන සත්හිරුගම නිවාස විස්සක් ඇතුළු පොදු පහසුකම්වලින් සමන්විත වන අතර මෙම ගම්මානය ඉදිකිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය හැත්තෑනවයකි.

අදාළ නිවාස ප්‍රතිලාභීන් වෙත නිවාස ඔප්පු පිරිනැමීමට අමතරව ප්‍රදේශවාසීන්ට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් නිවාස ණය ප්‍රදානය, තෝරාගත් ප්‍රතිලාභීන්ට ඇස් කණ්නාඩි බෙදාදීම හා වෘත්තීය පුහුණුලාභීන් සඳහා උපකරණ කට්ටල පිරිනැමීමද මෙහිදී සිදුවිය.

Exit mobile version