වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී පස් දෙනෙකු රෝහලට

සිදුවේ සිට නුවරඑලිය දක්වා ධාවනය වු වෑන් රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් වෑන් රථයේ ගමන් ගත් පස් දෙනෙකු ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

අද (22) උදැසන 7 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවනය වි ඇති පෞද්ගලික බස් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වෙමින් තිබු වෑන් රථයේ ගැටිමත් සමග වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක් අසලට පෙරලි ඇත.

වෑන් රථය අනතුරට පත් වන අවස්ථාවේ වෑන් රථය තුල 11 දෙනෙකු ගමන් කර ඇති බවට වාර්තා ව‌ෙයි.

අනතුර පිලිබදව ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වයි.

Exit mobile version