නුවරඑළිය සංචාරයක් සඳහා පැමිණි චීන කාන්තාවක් උඩු මහලෙන් වැටී ජිවිතක්ෂයට

නුවරඑළිය සංචාරයක් සඳහා පැමිණි චීන ජාතික කාන්තාවක් ඇය නවාතැන් ගෙන සිටි සංචාරක නිකේතනයෙන් පහලට වැටී ජිවිතක්ෂයට පත්ව අැත.

මෙම කාන්තාව තවත් චීන සංචාරක පිරිසක් සමඟ නුවරඑළියට ඊයේ (22) පැමිණ තිබෙන අතර, ඇය අද (23) උදැසන 9.00 ට පමණ සංචාරක නිකේතයේ තුන්වෙනි මහලේ ආලින්දය අසල සිරි නරඹමින් සිටියදි බිමට ඇද වැටි තිබේ.

බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගත කිරිමෙන් පසු මියගොස් ඇති බව නුවරඑළිය පොලිසිය පවසා අැත. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි චීන ජාතික කාන්තාවකි.

මිය ගිය චීන කාන්තාවගේ සිරුර නුවරඑළිය මුලික රෝහලේ තැන්පත් කර ඇත.

Exit mobile version