දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට තවදුරටත් ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල විශේෂයෙන් උදෑසන හෝ සවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ යැයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (25) නිකුත් කළ නිවේදනය‌ේ දැක්ව‌ෙයි.

කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇති විය හැක.

Exit mobile version