උතුරු කොරියානු නායක සහ අමෙරිකානු ජනපති අතර නුදුරේදිම සාකච්ජාවක්

උතුරු කොරියානු නායක කිමි ජෝන් අන් සමඟ නුදුරේදිම සාකච්ජා සඳහා අවතීර්ණ වන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩි ට්‍රමිප් පවසනවා.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩි ට්‍රමිප් සහ උතුරු කොරියානු නායක කිමි ජෝන් අන් අතර නුදුරේදිම දෙවන වරටත් සාකච්ජා සඳහා අවතීර්ණ විමට අපේක්ෂිතයි.

ඊයේ දින අමෙරිකාවේ නිවියෝර්ක් නුවරදි උතුරු කොරියානු ජනපති මුන් ජේ ඉන් සහ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ජා වලදි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිලිබඳ කරුණු අවධාරණය කරමින් සිටියා.

පසුගිය වසරේ අමෙරිකානු සහ උතුරු කොරියානු නායකයින් දෙපල අතර හමුවක් සිදුවු අතර ඒහිදි න්‍යෂ්ටික අවි අායුධ සම්බන්ධයෙන් පුළුල් සාකච්ජාවක් පැවැත්විණි.

කෙසේ වෙතත් මෙලෙස ඉිදිරියේදි පැවැත්විමට නියමිත සමුළුවේදී දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් පුළුල් කරමින් වැදගත් සාකච්ජා කිහිපයක්ම සිදු කිරිමට අපේක්ෂා කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

Exit mobile version