පිදුරංගල පර්වතයේ සිදුවීම සම්බන්ධය‌ෙන් පොලීසිය විමර්ශන ආරම්භ කරයි

ඓතිහාසික පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට කළ පැමිණිල්ල අනුව මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

ඒ අනුව සීගිරිය පොලීසිය 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන වැළැක්වීමේ සංශෝධන පනත හා පොලිස් ආඥා පනත අනුව මෙම ඡායාරූපයන්ට පෙනී සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ද පොලීසිය සඳහන් කරයි.

Exit mobile version