කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී අයෙකුට බරපතළ තුවාල ලබා ඇති බව හැටන් පොලීසිය පවසයි.
අද (25) උඩරට මැණිකේ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයට නුදුරු හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු දුම්රිය ආරක්ෂිත ගේට්ටුව අසලදී මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇති බව වාර්තා වෙයි.
දුම්රියේ ගැටි තුවාල ලැබු පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැති අතර, ඔහු අධික ලෙස බිමත්ව සිටි අයෙකු බවට තහවුරු වි ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු අය දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නිසා වැඩි දුර ප්‍රතිකාර සඳහා තුවාලකරු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.