වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ දී බස් රථයක් සහ තිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් අනතුරක් සිදු වී තිබේ.
කොළඹ සිට මොණරාගල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් තිරෝද රථයක ගැටිමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
පසුව බස් රථයේ ගැටී ඇති අතර තිරෝද රථය බෙරා ගැනීමට බස් රියදුරු උත්සාහ දරා ඇති අතර පසුව බස් රථය මාර්ගයන් ඉවතට පැන විදුලි කනු කඩාගෙන වෙලදසැලක් වෙත කඩා වැදී ඇත.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැල්ලවාය පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.